මම පුල්ලිගොනා. පැටිය හන්දියේ ඉඳම්ම ගොන්ජෝක් දාන්න නම් මාර රුසියලු. මේක මේ මම කියන කතාවක් නෙවෙයි, මම දාන සිරා ජෝක්ස් අහල කාල ඇඳලා ඉන්න බැරි වුන අය ඉරිසියාවට කියපු කතාවක්. හැබැයි ඉතින් අර කතාවක් තියෙනවනේ එකම බොරුව වුනත් හත්පාරක් විතර ඇහුණාම ඒක ඇත්තක්කියල ඒත්තු යනවයි කියල. ඉතින් ඇහිලා ඇහිලම මාත් ඉතින් ගොන්ජෝක් කාරය ය, ගොන්ජෝක් දාලවත් දියුණු වෙන්න ඔනෙයි කියල හිතුන.
මම වටේ ඉන්නඅයත් එක්ක ගොන්ජෝක් දාල දාල, ඒ අයටත් අහල එපාවෙලා ඉන්න නිසා, බ්ලොග් එකක් වත පටන් අරන් අලුත් ශ්‍රාවකයෝ සැට් එකක් හදාගන්න ඕනෙයි කියල හිතුන.
එහෙනම් අයුබෝවන්ඩ, මාත් ඉතින් බ්ලොග් අවකාශේ උම්බෑ ගාන්නයි මේ සූදානම.